Life
ඉඟුරුවල පිළිකා නැසීමේ ගුණ තිබෙනවා
ආයුර්වේදයේ දී බොහෝ රෝග සඳහා ඖෂධයක් ලෙස ඉඟුරු යොදා ගැනීම සිදුකරනවා. සමහර
පිළිකා නැසීමේ ගුණයක් ද මේ ඉඟුරුවල තිබෙන බව පරීක්ෂණ වලින් සනාථ වෙලා
තියෙනවා. ඊට අමතරව ශරීරයේ ඇති වන බොහෝ ලෙඩ රෝග ගණනාවකටම ඉඟුරු ඖෂධයක් ලෙස
යොදා ගන්නවා.
ආහාර අරුචිය
මළ බද්ධය
කාන්තාවන්ගේ ඔසප් වේදනාව
හෘද රෝග
පෙනහලු ආශ්රිත රෝග
කොලෙස්ටරෝල්
උදර වේදනාව
වමනය
ඔක්කාරය
උණ රෝගය ආදී බොහෝ රෝග තත්ත්වයන්වල සුවය සඳහා ඉඟුරු භාවිත කළ හැකි ආකාර ගණනාවක් පවතිනවා.
* ආහාර අරුචිය ඇති විටකදී ඉඟුරු තැම්බූ වතුරට දෙහි ඇඹුල් ස්වල්පයක් දමා පානය කිරීම.
* අරළු, වියළි ඉඟුරු හා සහිඳ ලුණු තම්බා බීමෙන් ආහාර රුචිය වැඩිවේ.
* වියළි ඉඟුරු, කරපිංචා කොළ හා අරළු තම්බා බීමෙන් මළ බද්ධය හා උදරය පුරවා දැමීම වළකාලයි.
* වමනය ඇති අවස්ථාවකදී ඉඟුරු ඉස්ම මී පැණි සමඟ මිශ්‍ර කර පානය කිරීමෙන් වමනය නතර වෙයි.
* උණ රෝගය වැළඳී ඇති අවස්ථාවකදී ඉඟුරු හා කොත්තමල්ලී තම්බා පානය කිරීම ගුණදායකයි.
* අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයකුට නම් දිනපතා ඉඟුරු ඉස්ම තේ හැන්දක් මී පැණි තේ හැන්දක් සමඟ මිශ්‍ර කර පානය කිරීම සුදුසුයි.
* දිනකට එකවරක්වත් බොන තේ කෝප්පයටම ඉඟුරු ඉස්ම තේ හැන්දක් පමණ මිශ්‍ර කර පානය කිරීමද අධි රුධිර පීඩනයට ගුණදායකයි.
* තරුණ කාන්තාවන් අතර පවතින ඔසප් වේදනාව, 80 - 85 % ප්‍රමාණයකින් අඩු වීමට ඉඟුරු ඖෂධයක් ලෙස භාවිත කිරීම හේතු වෙලා තියෙනවා.
* ඉඟුරු තම්බාගත් වතුර අඬුකෝප්ප භාගයකට සීනි තේ හැන්දක් මිශ්‍ර කර පානය කිරීමෙන් එම වේදනාව ක්‍රමයෙන් අඩු වෙනවා.
*
ඉඟුරු භාවිතය මඟින් ශරීරයේ ඇතිවන විවිධ වෙනස්කම් පාලනය කරනවා. තරුණ බව
රැක ගැනීමට ඉතාමත් යෝග්‍ය වන ඉඟුරු සම රැලි වැටීම සහ සන්ධි රෝග ප්‍රමාද
කරනවා.
දිනපතාම තම ආහාරයට හෝ තේ කෝප්පයට ඉඟුරු කැබැල්ලක් එක් කර ගැනීමෙන් තරුණ බව රැකගන්න පුළුවන්.
*
හතිය, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග පවතීනම් ඉඟුරු, කරාබු නැටි, ගම්මිරිස්
සමව ගෙන කුඩුකර එම කුඩු තේ හැඳි 1/2 පමණ දිනකට දෙවරක් උණුවතුරින් පානය
කිරීම ඉතාමත් ගුණදායකයි.
ශරීරයේ රෝගාබාධ වළකා ගනිමින් තරුණ පෙනුම රැකගැනීමට දිනපතා ඉඟුරු ආහාරයට ගැනීමට ඔබත් හුරුවන්න.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks